Skip to main content

පැරණි වචන 100ක් සහ ඒවායේ තේරුම් ( O/L ඉතිහාසය )



 පැරණි වචන 100ක් සහ ඒවායේ තේරුම් ( O/L ඉතිහාසය )


1. අවරණ (අමුණ )

2. කසීකාරගාම (ගොවියන් විසු ගම් )

3. මණිකාරගාම (මැණික් කපන්නන් ජීවත් වු ගම් )

4. ගෝපාලගාම (ගොපල්ලන් විසු ගම් )

5. කේවට්ටගාම (ධීවරයින් විසු ගම් )

6. කුම්භකාරගාම (වලන් සාදන්නන් විසු ගම් )

7. වඩ්ඪකීගාම (වඩුවන් විසු ගම් )

8. පට්ටනගාම (වරාය ආශ්‍රිත තිබු ගම් )

9. නියම්ගම් (වෙළෙඳ ගම් )

10. ඔළගම් (ජනතාව විසින් අතහැර දැමු වැව් ගම් )

11. පරික්ඛිත්ත ගම් (වැටකින් ආරක්ෂා වු ගම් )

12. අපරික්ඛිත්ත ගම් (වැටකින් අරක්ෂා නොවු ගම් )

13. පුර (විශාල නාගරික ජනාවාස )

14. නකර (නගර එනම් පුරයත් ගමත් අතර වු ප්‍රදේශය )

15. නුරුපුර (අතීතයේ අනුරාධපුරය හදුන්වා ඇති තවත් නමක් )

16. ගහපති (පවුලක ප්‍රධානියා )

17. ගමික (ගමක ප්‍රධානියා )

18. දසගම් ඇත්තන් (දස දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය )

19. කටුසර බෝග (කෙටි මූල පද්ධතියක් සහිත නියගයට හොදින් ඔරොත්තුදෙන බෝග )

20. ක්ෂුද්‍ර ගල් මෙවලම් (ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතයේ පැවති කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් )

21. පරුමකවරු (ප්‍රාදේශීය පාලකයන්/පැරණි සමාජයේ ප්‍රභූන් )

22. තොටබොජක (තොටුපොළවල් වලින් බදු අය කරගත් තැනැත්තා )

23. පරුමකලු (ප්‍රදේශීය පාලනයට සම්බන්ධ වු කාන්තාවන් )

24. පොචනි රජ (ප්‍රාචීන රජු /නැගෙනහිර ප්‍රදේශයේ රජු )

25. නකදිව (නාගදීපය හෙවත් යාපනය අර්ධද්වීපය )

26.  ආස්ථාන (පරිපාලන දිස්ත්‍රික්ක )

27. මපුරුමුකා (මහා පරුමක හෙවත් රජු ) 

28. මහමත (මහාඇමති )

29. අමෙත (ඇමතිවරු )

30. ශෙනපති (සේනාපතිවරු )

31. බඩගරික (භාණ්ඩාගාරික )

32. බතගු (බෝජන ශාලා අදිකාරි )

33. කොතුරු ගෑ නා (වස් සිරිත් හා චාරිත්‍ර පිළිබඳ අදිකාරි )

34. නගර ගුතික (නගර පරිපාලක )

35. නගර වුඩික (නාගරික වාස්තුවිද්‍යා නිළධාරීයා )

36. අස අදෙක (අශ්ව අන්ශයේ ප්‍රධානියා )

37. හති අදෙක (ඇත් අන්ශයේ ප්‍රධානියා )

38. නට අදෙක (නාට්‍ය අන්ශයේ ප්‍රධානියා )

39. රූප අදෙක (කාසි අච්චු ගැසීමේ අන්ශ ප්‍රධානියා )

40.පන අදෙක (වෙළෙඳ කටයුතු භාර ප්‍රධානි )

41. කනපෙඩික (රජ්‍ය ලේඛනාගාර ප්‍රධානි )

42. එක්තැන් සමිය (රාජ ස්භාවේ එකගතාවය )

43. සභාව (අධිකරණය )

44. මහලේ (මහලේකම් )

45. වෙජ (වෛද්‍යවරු )

46. වෙජ්ජ ශාලා (පැරණි රෝහල් )

47. උපසග්ගරෝගනාස (උණ රෝගයට ප්‍රතිකාර කිරීමට හතරවන කාශ්‍යප රජුගේ කාලයේ සාදන ලද රෝහල් විශේෂයක් )

48. පසවන්තිනාමශාලා (පළමුවන උපතිස්ස රජුගේ කාලයේ සාදවන ලද මාතෘ නිවාස විශෙෂයක් )

49. සොත්ථි ශාලා (බ්‍රාහ්මණයින් සිය ආගමික කටයුතු පවත්වාගෙන ගිය ස්ථාන )

50. වේලයික්කාර හමුදාව (දකුණු ඉන්දියාවෙන් මෙරටට පැමිණි වැටුපට සේවය කරන ආරක්ෂක සේනාවක් )

51. රතුකැට දිවයින ( ශ්‍රි ලංකාව අතීතයේ හැදින්වු නාමයක් )

52. පිටිබිම් ( සෙල්ලිපි වල හේන් හදුන්වා ඇති නාමය )

53. නවදැලි හේන ( අලුතින් ගිනි තබාගැනීමෙන් සකස් කර ගත් හේන )

54. කනත්ත ( කාලයක් අතහැර දමා යලි වගාකල ඉඩම් )

55. දඩුවැට ( භෝග වනසතුන්ගෙන් ආරක්ෂා කරගැනීමට හේන වටා ඉදිකරන ලද ලී වැට )

56. පැල ( රාත්‍රි කාලයේ හේන ආරක්ෂා කරගැනීමට උස් ගසක ඉදිකරන ලද පැල්පත )

57. කැති අඩ, කෙටු කනබ අය ( සෙල්ලිපි වල හේන් වගාවෙන් අයකල බදු හදුන්වාඇති අයුරු )

58. කෙත ( වී වගා කරන තැන )

59. කිරිගෙරි ( කිරි ලබාගැනීම සදහා ඇතිකරන එලදෙනුන් )

60. කබර ( යකඩ වැඩ කල ශිල්පීන් )

61. තබකර ( තඹ ලෝහයෙන් වැඩකල ශිල්පීන් )

62. තුලාධාර / ස්වර්ණාකර ( රන්කරුවන් )

63. මණිකර ( මැණික් කපන්නන් )

64. දටික ( ඇත්දත් ශිල්පීන් )

65. කුබකර ( මැටිකර්මාන්තයේ නියළි සිටි ශිල්පීන් )

66. තතවය ( නූල් කටින්නා )

67. අබල වපර ( සියඹලා වෙළෙන්දා )

68. පුගය / නියමස්ථාන ( වෙළෙඳ සංවිධාන )

69. වණිජ / වාපර (වෙළෙඳාමේ නියුතු පුද්ගලයන් )

70. කබොජ මහා පුගිය ( කම්බෝජවරුන්ගේ වෙළෙඳ සංවිධානයක් )

71. කම්බෝජවරු ( ඇප්ඝනිස්ථාන ජාතිකයන් )

72. ආචාර්ය ( ගුරුවරු )

73. හස්ති ආචාර්ය ( ඇතුන් හීලෑ කිරිම ඉගැන්වු ගුරුවරුන් )

74. අශ්ව ආචාර්ය (අශ්වයන් පිටයාම පුරුදු කල ගුරුවරුන් )

75. දුනු ආචාර්ය ( දුන්නෙන් විදීමට පුරුදු කල ගුරුවරුන් )

76. මහවෙදනා ( ප්‍රධාන වෛද්‍යවරයා / ශල්‍ය වෛද්‍යවරයා )

77. වෝහාර ( නිතී විශාරදයන් )

78. චිතකර ලපන ( සිත්තරුන් )

79. පණ්ණසාලා ( භික්ෂූන් වහන්සේලාට වාසය කිරීමට පන් ඉලුක් ආදීය සෙවිලි කොට සාදන ලද වරිච්චි නිවාස )

80. අන්තේවාසික ( නායක භික්ෂූන් වහන්සේ යටතේ වැඩ වාසය කල භික්ෂූන් වහන්සේලා )

81. ථෙර (  නායක ස්වාමීන් වහන්සේලා )

82. සදිවිහරිය ( නායක තෙරුන් වහන්සේලා සමීපයේ විසු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා )

83. භාණකවරු ( ධර්මයේ කොටස් මතකයේ තබාගත් භික්ෂූන් වහන්සේලා )

84. වසවසික ( වස් වසන ලද යන්නයි )

85. වස්සාවාසික සාටක ( කඪින චීවරය )

86. සිවික ශාලා ( ශිව ලිංගය පිහිටුවා තිබු ස්ථාන )

87. දමෙඩ ( ද්‍රවිඩ යන වචනය සිංහල ප්‍රාකෘත භාෂාවෙන් ලියු අයුරු )

88. සරන්ඩිබ් ( සිංහල ද්වීප යන වචනය අරාබි ජාතිකයන් උච්චාරණය කළ ආකාරය )

89. ජාවකවරු ( මලයානුඅර්ධද්වීපයෙන් පැමිණි පුද්ගලයන් )

90. දෙමළ අධිකාරි ( දෙමළ ජනයාගේ සුබසාධන කටයුතු සොයා බැලු තැනත්තා )

91. අගම්පඩි සේනාව ( කුලී හේවායින් පිරිසක් )

92. පීඩන ශල්කනය ( වෙර යොදා බලයක් යෙදීමෙන් ගල්පතුරු ගලවාගෙන මෙවලම් තැනිමේ තාක්ෂණය )

93. ආදම්ගේ කන්ද  ( සමනල කන්ද )

94. කාලරක්ත මැටිබදුන් ( පූර්ව ඓතිහාසික යුගයට අයත් පිටත රතු පැහයෙන් හා ඇතුළත කලු පැහයෙන් යුත් මැටිබදුන් )

95. දියකැට පහණ ( සොරව්වේ ජලය පාලනය කරන දණ්ඩ )

96. අඩික ( ඇළමාර්ග හා සම්බන්ධ නිළධාරීන් )

97. වස  ( වර්ෂය )

98. තිථිය ( දිනය )

99. හවජර ( සංවත්සරය )

100. වජ්‍ර චුම්බට ( අකුණු සැර ඇද ගැනීමට රුවන්වැලිසෑය මුදුනේ සවිකොට තිබු වයුහය )


Comments