Skip to main content

Posts

Showing posts from May 6, 2021

පැරණි වචන 100ක් සහ ඒවායේ තේරුම් ( O/L ඉතිහාසය )

  පැරණි වචන 100ක් සහ ඒවායේ තේරුම් ( O/L ඉතිහාසය ) 1. අවරණ (අමුණ ) 2. කසීකාරගාම (ගොවියන් විසු ගම් ) 3. මණිකාරගාම (මැණික් කපන්නන් ජීවත් වු ගම් ) 4. ගෝපාලගාම (ගොපල්ලන් විසු ගම් ) 5. කේවට්ටගාම (ධීවරයින් විසු ගම් ) 6. කුම්භකාරගාම (වලන් සාදන්නන් විසු ගම් ) 7. වඩ්ඪකීගාම (වඩුවන් විසු ගම් ) 8. පට්ටනගාම (වරාය ආශ්‍රිත තිබු ගම් ) 9. නියම්ගම් (වෙළෙඳ ගම් ) 10. ඔළගම් (ජනතාව විසින් අතහැර දැමු වැව් ගම් ) 11. පරික්ඛිත්ත ගම් (වැටකින් ආරක්ෂා වු ගම් ) 12. අපරික්ඛිත්ත ගම් (වැටකින් අරක්ෂා නොවු ගම් ) 13. පුර (විශාල නාගරික ජනාවාස ) 14. නකර (නගර එනම් පුරයත් ගමත් අතර වු ප්‍රදේශය ) 15. නුරුපුර (අතීතයේ අනුරාධපුරය හදුන්වා ඇති තවත් නමක් ) 16. ගහපති (පවුලක ප්‍රධානියා ) 17. ගමික (ගමක ප්‍රධානියා ) 18. දසගම් ඇත්තන් (දස දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලය ) 19. කටුසර බෝග (කෙටි මූල පද්ධතියක් සහිත නියගයට හොදින් ඔරොත්තුදෙන බෝග ) 20. ක්ෂුද්‍ර ගල් මෙවලම් (ප්‍රාග් ඓතිහාසික යුගයේ භාවිතයේ පැවති කුඩා ප්‍රමාණයේ ගල් මෙවලම් ) 21. පරුමකවරු (ප්‍රාදේශීය පාලකයන්/පැරණි සමාජයේ ප්‍රභූන් ) 22. තොටබොජක (තොටුපොළවල් වලින් බදු අය කරගත් තැනැත්තා ) 23. පරු

👑 එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්👑

  👑 එක් එක් රාජධානිවල ආරම්භක පාලකයන්👑     🗡අනුරාධපුරය(අනුරාධග්‍රාම)- පණ්ඩුකාභය රජු     🗡පොළොන්නරුව   - 1වන විජයබාහු රජු     🗡දඹදෙණිය       - 3වන විජයබාහු රජු     🗡යාපහුව          -1වන බුවනෙකබාහු රජු     🗡කරුණෑගල   -2වන බුවනෙකබාහු රජු     🗡ගම්පොළ      -4වන බුවනෙකබාහු රජු     🗡කෝට්ටේ     -6වන බුවනෙකබාහු රජු     🗡මහනුවර       - සේනාසම්මත වික්‍රමබාහු රජු           🗡යාපනය         - විජයකුලංකෛ රජු

👑👑 මහනුවර රාජධානිය👑👑

  👑👑 මහනුවර රාජධානිය👑👑 🛡සේනාසම්මත වික්‍රමබාහු 🛡ජයවීර බණ්ඩාර 🛡කරලියද්දේ බණ්ඩාර 🛡1වන රාජසිංහ රජු 🛡1වන විමලධර්මසූරිය රජු (නව රාජවංශයක ආරම්භකයා) 🛡සෙනරත් රජු 🛡2වන රාජසිංහ රජු 🛡2වන විමලධර්මසූරිය රජු 🛡ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු(අවසන් සිංහල රජු) ⚜️ නායක්කර් වංශික රජවරුන්⚜️ 🛡ශ්‍රී විජය රාජසිංහ රජ  (විජයගේ) 🛡කර්ති ශ්‍රී රාජසිංහ රජු  (කිර්තිය) 🛡රාජාධිරාජසිංහ රජු      (රාජාට) 🛡ශ්‍රී වික්‍රම රාජසිංහ රජු  (විහිලුවක්) =ශ්‍රී ලංකාවේ අවසන් රජු 🔥 උඩරටට ආ ඉංග්‍රීසි දූතයන් 🔥 1762-ජෝන් පයිබස් -කීර්ති ශ්‍රී රාජසිංහ රජු  (ජෝකි) 1782- හියු බොයිඩ්       - රාජාධිරාජසිංහ රජු   ( හිරා) 1795-රොබට් ඇන්ඩෲස් -රාජාධිරාජසිංහ රජු  ( රොබට් රජා)

👉..ඉතිහාසය මතක තබා ගන්නා පහසු ක්‍රම..👈📚

  👉..ඉතිහාසය මතක තබා ගන්නා පහසු ක්‍රම..👈📚 √ ⛔සාර්ක් රටවල් . 💫මා :👉මාලදිවයින. 💫ලග :👉ලංකාව. 💫ඉන්නේ :👉ඉන්දියාව. 💫පාවෙන :👉පාකිස්තානය. 💫බූතයෙක් :👉බූතානය. 💫නේ :👉නේපාලය. 💫බං :👉බංගලාදේශය. √ ⛔පංච මහා වාද. 💫බංඩෝ :👉බද්දේගම. 💫වරෙන් :👉වරාගොඩ. 💫උඩන :👉උදන්විට. 💫ගමේ :👉ගම්පොළ. 💫පාටියට :👉පානදුරා. √ ⛔පෘතුගීසි ලංකාවේ ගෙන ගිය සටන්. 💫මුදිත :👉මුල්ලේරියා. 💫දම්මි :👉දන්තුරේ. 💫බලන්න :👉බලන. 💫රඹුටන් :👉රන්දෙනිවෙල. 💫ගන්න :👉ගන්නෝරු. √ ⛔පෘතුගීසි සටන් නායකයෝ. 💫අ :👉අපොන්සුද ලසර්දා. 💫පේ :👉පේරෝ ලොපේස්ද සූසා. 💫දොරේ :👉දොන් ජෙරනිමේද අසවේදු. 💫කොක්ක :👉කොන්ස්තන්තිනූද සා. 💫දිරල :👉දියෝගුද ලේනෝ කැස්ත්‍රෝ. √ ⛔ලංකාවට පැමිණි මිශනාරී සංවිධානය. 💫ලන්ඩන් :👉ලන්ඩන්. 💫බෑණා :👉බැප්ටීස්ට්. 💫වෙස්වලාගෙන :👉වෙස්ලියන්. 💫ඇමරිකාවට ගිහින්:👉ඇමරිකන් 💫චාමර :👉චර්ච්.